Sunday, September 27, 2015

Computer Netwoks සිංහලෙන් ඉගෙන ගනිමු!

පළමු පාඩම Addressing



Physical address...

මෙය නිශ්පාදකයා විසින් NIC (Network Interface Card )එක තුල ගබඩා කර ඇති hardware setting එකකි.
Ethernet වලදී මෙය bit 48 number එකක් හෝ අංක 12   hexa-decimal number එකක් ලෙස දක්වනු ලැබේ.
උදා:- 5A:B3:87:F1:93:7C
         5A-B3-87-F1-93-7C
Mac address එක Data Link Layer (Layer 2) එක තුලදී ක්‍රියාත්මක වේ.

Logical Address...

මෙහිදී භාවිතා කරනු ලබන protocol එක අනුව address scheme එක වෙනස් වේ. බහුලව භවිතා කරනු ලබන්නේ TCP/IP protocol එකයි.
IP address එකක් සඳහා නිදසුනක් :- 192.168.16.52
Logical Address එක Network layer (Layer 3) එක තුලදී ක්‍රියාත්මක වේ.


IP Address

ජ්‍යාත්‍යන්තරව භවිතා කරනු ලබන IP address (high level) තීරණය කරනු ලබන්නේ Internet Assigned Numbers Authority (IANA) විසිනි.
ශ්‍රී ලංකාව තුල  මේ සඳහා ක්‍රියාත්මක වන අධිකාරිය වන්නේ Asia Pacific Network Information Center (APNIC) .



IP Version 4 (IPV4)

මෙහිදී bit 32ක් භාවිතා වන අතර එය පහත අකාරයෙන් දක්වනු ලැබේ.
Byte1.Byte2.Byt3.Byte4                    (1 Byte = 8 bits)
උදා:-          192    .     168     .     10       .       1
            11000000.10101000.00001010.00000001
අනුව byte එකක අවම අගය = 00000000 = 0
Byte එකක උපරිම අගය           = 11111111 = 255
එබැවින් අවම IP Address එක = 0.0.0.0
උපරිම IP Address එක            = 255.255.255.255



Network ID එක සහ Host ID එක හඳුන ගනිමු

අප එදිනෙදා භාවිත කරන ස්ථාවර දුරකථන අංකයක් සඳහා කොටස් දෙකක් ඇත
Telephone number = Area code + Telephone number
අයුරින්ම IP Address එකක් සඳහා කොටස් දෙකක් පවතී

IP Address = Network ID + Host ID

IP Address එකෙන් යම් කොටසක් Network ID එක සඳහා ඉතිරි කොටස Host ID (Computer ID) එක සඳහා වෙන් කරනු ලැබේ.

  


IP Address classes හඳුනා ගනිමු


Class
Network ID
Host ID
A
1 Byte
3 Bytes
B
2 Bytes
2 Bytes
C
3 Bytes
1 Byte



මීට අමතරව class D , class E ලෙස classes දෙකක් ඇත

Class D Multi casting සඳහා වෙන් කර ඇති අතර Class E ඉදිරි භාවිතය සඳහා වෙන් කර ඇත

Class A




ඉහත උදාහරණයේ Byte 1ක් (8 bits) Network ID එක සඳහා ඉතිරි Byte 3 Host ID එක සඳහා වෙන් කර ඇත.
එබැවින් සෑදිය හැකි Network ගණන = 28 (256) කි. (Network ID එක සඳහා bit 8 ක් ඇති බැවින්)
සාමාන්‍යයෙන් Host ID එකෙහි bit 24 0 වන සහ bit 24 1වන අවස්ථා දෙක විශේෂ කාර්යයන් සඳහා වෙන කර ඇත.
එබැවින් මෙහිදී Network එකක් සඳහා පැවතිය හැකි host ගණන = 224-2.
මෙය තව දුරටත් පැහැදිලි කර ගැනීමට පහත වගු යොදා ගන්න.




Class
Maximum number of networks
Maximum number of hosts per network.
A
28 =256
224-2 =16777214
B
216 =65536
216-2 =65534
C
224 =16777216
28-2 =254



Class
IP address range
A
0-127
B
128-191
C
192-223
D
224-255










Class
Minimum network ID
Maximum network ID

A
00000000 (0)
01111111 (127)
B
10000000.00000000 (128.0)
10111111.11111111 (191.255)
C
11000000.00000000.00000000 (192.0.0)
11011111.11111111.11111111 (223.255.255)


IP address පිළිබඳව තව දුරටත් විස්තර සමගින් මීළඟ පාඩමෙන් හමුවෙමු....!




6 comments: